ක්‍රිස්තු වර්ෂ 1962 මුල් භාගයේදී කටු මැටි ගැසූ පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක ළමුන් 150ක් පමණ වූ සුළු ප්‍රමාණයකින් සමාගම් පාසලක් ලෙස මෙම පාසල ආරම්භ වී ඇත. ආරම්භක විදුහල්පතිතුමා ආර්.එම් පියදාස මහතාය. එකල පාසල හැඳින්වූයේ දිවුල්දමන ප්‍රාථමික පාසල ලෙසය.
1965.01.15 දින රජයට පවරා ගන්නා ලද දිවුල්දමන ප්‍රාථමික විදුහල අඩි 140 x 20 ප්‍රමාණයේ ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකරවා මාදුරුඔය කනිෂ්ට විද්‍යාලය නමින් රජයේ පාසලක් බවට පත්කර ඇත. එදින ගුරුනිවාස තුනක්ද ඉදිකර ඇත. එහි විදුහල්පති වශයෙන් කටයුතු කර ඇත්තේ පියදාස මහතාය. සුළි සුළං තත්ත්වය නිසා ස්ථිර පාසල් ගොඩනැගිල්ල විනාශ වී ඇත. ගුරුනිවාස තුන ඉතිරිව ඇත. ඉන්පසු එම වර්ෂයේදීම තාවකාලිකව ඉදි කළ පාසල් අතුමඩුවක බිම ගොම ගාගෙන ටික කාලයක් පාසල පවත්වාගෙන ගොස් ඇත. කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ භෞතික සම්පත් යම් ප්‍රමාණයක් පාසල වෙත ලැබී ඇත. එහිදී විද්‍යාලය උසස් පෙළ කලා විෂය ධාරාව සහිතව මහා විද්‍යාලයක් බවට පත්විය. එවක විදුහල්පති වූයේ රාජකරුණා මහතාය. 1994 දී හොඳම මහවැලි ආදර්ශ පාසලක් බවටද පත්විය. දිවයින පත්තරයේ පළවූ එම පුවත් ඊට සාක්ෂි සපයයි. මෙලෙස ඇරඹුණු ජයග්‍රාහී ගමන පහ ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ උසස්පෙළ ආදී වූ කඩයිම් විභාග ජයග්‍රහණද ක්‍රීඩා සෞන්දර්ය වැනි අංශවල ජයග්‍රහණ ඔස්සේ ඉදිරියටම යමින් පවතී. නව කාර්යාල ගොඩනැගිල්ලක්ද මෑතකදී පාසලට එකතු විය.

|
ආරම්භ කළ වර්ෂය |
1962 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
150 |
|
මුල් ගුරුතුමාගේ නම |
ආර්.එම්.පියදාස මයා |
|
පාසලේ ආදි කතෘගේ නම |
_ |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
පො/මාදුරුඔය මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
_ |
|
පාසල රජයට පවරාගත් දිනය |
1965-01-15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
දිවුල්දමන පන්සල ඉදිරිපිට |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
පුංචි බංඩා |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
බී.කේ.ජී. වංශවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1965 |





